Saturday, January 6, 2018

ප්‍රේමය යනු එක් නොවුවන්ගේ හදගැස්මයි...



එක් වුවෝ පසුකලෙක 

උනුන් රිදවාගනිති...

බිදෙති...වෙන්වෙති...

එක් නොවූවෝ සදාකල්හිම විදවති...

එහෙත් කිසිකලෙක

නොබිදෙති...වෙන්නොවෙති...


බැඳුණු අතගිලි වලට වඩා 

බැඳුණු සිතුවිලි ප්‍රේමාන්විත බව 

ලෝකයට කියන්නට 

ඔවුහු උත්සුක නොවෙති...

ඒ ප්‍රේමය ඔවුන් මරණය තෙක්ම රකිති...

මරණින් මතුවද ඒ ප්‍රේමයම පතති...


එක් වුවෝ ළයගින්නෙන් යහන්ගත වෙති...

එක්නොවූවෝ හද සයනේ යෙහෙන් වැජඹෙති...


ප්‍රේමය යනු.. 

එක් වුවන්ගේ 

රජ දැක්ම නොවේ...

ප්‍රේමය යනු.. 

එක් නොවූවන්ගේ 

හද ගැස්මයි... 



8 comments: