Thursday, January 4, 2018

රුව රැකගන්නා විශ්මිත රූ රහස් මෙන්න.

      



        ලොව ජිවත්වන කාන්තාවන් බාහිර සාධකවල භේදයක් නොමැතිව එදා මෙදාතුර ඕනෑම අවධියක  යම් එක් පොදු දෙයක් කෙරෙහි උනන්දුවක් දැක්වූවා නම් ඒ සිය රූසපුව වඩවා ගන්නා ආකාරය පිළිබඳවයි.ලොව කොතැනක ඔබ ජිවත් වුවත් සෙසු කාන්තාවන්ගේ රූ සපුව දෙස දෙවරක් නොබැලුවේ නම් එය බොරුවකි.ඒ අනුව ලොව විවිධ රටවල කාන්තාවන් සඳහා ආවේණික වූ සුන්දරත්වය පිළිබද මෙන්ම ඒ සඳහා ඔවුන් යොදාගත් රහස් කෙම් කිහිපයක් ඇත. 

  • ඉන්දියානු කාන්තාවන්ගේ දිගු කෙස්වැටි එතරම් ඝණව හා දීප්තිමත්ව වැඩුණේ කෙසේද
  • ජපාන කාන්තාවන්ට නිකළැල්, පැහැදිලි සමක් උරුම වූයේ කෙසේද
  • දකුණු ඇමෙරිකානු කාන්තාවන්ගේ සම දීප්තිමත් වීමේ රහස කුමක්ද?
            යන ගැටළු පිළිබද ඔබ නිතර සිතනවා ඇති.ඇතැම් විට ඔබ සිතන දෙයක් වන්නේ දේශගුණික බලපෑම එයට හේතුවක් වන බවයි.එයත් යම් හේතුවක් වන්නට පුළුවන්.නමුත් ඔබ ගන්නා ආහාර පාන ඔබේ සුන්දරත්වය හානි කරන අවස්ථා එමටයි.ඒ අනුව,ඉන්දිය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස් තියෙන්නේ මුලුතැන්ගෙයි බව ඔබ පිළිගන්නවද? පොල්තෙල්, කහ, ලෙමන් යුෂ, කොත්තමල්ලි, සූදුරු, මී පැණි ඔවුන්ගේ රූපලාවන්‍ය සත්කාරවල පෙරමුණ ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍යයි.

     ඉන්දියානු මනාලියන් සිය මංගල දිනයට පෙර ‘හල්දි’ නමැති උත්සවයක් පවත්වන අතර එහිදී සිදුවන්නේ කහයෝගට්හා  මී පැණි එක්කොට තනාගත් තලපයක් මුහුණ ඇතුළු මුළු සිරුරේම ආලේප කිරීමයි. මින් සම කාන්තිමත් වන්නේ බලා සිටියදීමය. මීට අමතරව මී පැණි වෙනුවට ඕට්ස් යොදා ගනිමින්ද මෙම මිශ්‍රණය තනාගත හැකි අතර එය සමේ ඇති මියගිය සෛල ඉවත් කරමින් සම මනාව පිරිසිදු කිරීමට උපකාරීවේ. ඉන්දීය ආහාර වේලේ නැතුවම බැරි අංගයක් වන පොල්තෙල් ඉන්දීය කාන්තා රූසපුවේ ප්‍රධානම පංගුකාරයෙකි. පෝෂණයෙන් අනූන පොල්තෙල් වියළි සමේ ගල්වා සම්බාහනය කිරීමෙන් සමට අහිතකර හිරු කිරණින් මනා ආරක්ෂාවක් ලබාදෙමින් සමේ තෙතමනය පවත්වාගෙන යාමට ද පිටිවහලක් වන අතර පළුදු වූ වියළි අකීකරු හිසකෙස් මනා නීරෝගී බවකින් පවත්වා ගැනීමට කදිම ස්වාභාවික “කන්ඩිෂනර්” වර්ගයක් ලෙසද ක්‍රියා කිරීමට පොල්තෙල්වලට ඇත්තේ අපූරු හැකියාවකි.

          ඉන්දියානු කාන්තාව පමණක් නොව ඇමරිකානු කාන්තාවද තම රූ සපුව පිළිබද වඩාත් උනන්දුවක් දක්වයි.ඔබ හොදින් දන්නා පළතුරක් වන අලිගැටපේර තම කෙස් කළඹ දීප්තිමත් හා ඝනව පවත්වාගෙන යෑමට යොදාගන්නවා. අලිපේර, ඉදුණු කෙසෙල් හා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කොට නෑමට පෙර කෙස්වල තවරා සම්බාහනය කිරීම මගින් ඔවුන් තම සුන්දර කෙස්වැටිය පවත්වාගෙන යනවා.

          ඒ වගේම බල්ගේරියාවේ කාන්තාවන්ගේ අංක එකේ රූපලාවන්‍ය නිෂ්පාදනය රෝස තෙල් හා රෝස වතුර වීම පුදුමයක් නොවේ.


ලොව සුන්දරතම ලලනාවන්ගේ නිජබිම ලෙස ග්‍රීසිය පෙර අපර දෙදිගම ප්‍රචලිතව ඇත්තේ ඉතා ඈත අතීතයේ සිටමය. දුටුවන් නෙත් සිත් වසඟ කරවන සුලු ඔවුන්ගේ රූසපුවේ සැඟවුණු රහස නම් ඔලිව් තෙල් භාවිතයයි. ප්‍රතිඔක්සිකාරක හා විටමින් බහුලව අඩංගු ඔලිව් තෙල් ග්‍රීක වැසියන්ගේ ආහාරයේ අනිවාර්ය අංගයකි. මීට අමතරව රූපලාවන්‍ය සත්කාර ක්‍රියාන්විතයේදී අනිවාර්ය අංගයක් වන ඔලිව් තෙල් යෝගට් සමඟ මිශ්‍ර කොට හිස ගල්වා පසුව “කන්ඩිෂනර්” කොට සෝදා හැරීම සිනිඳු දිදුලන කෙස් කළඹක් ලැබීමට ග්‍රීක කාන්තාවන්ගේ නොවරදින සත්කාරයකි.

ඊජිප්තුවේ එළුකිරි හා මී පැණි
       ඊජිප්තු කාන්තාවන්ගේ රූසපුව ගැන කතා කිරීමේදී මුලින්ම මතකයට නැඟෙන්නේ සුන්දර ක්ලියෝපැට්රා අධිරාජිනියයි. එදා ඇය රූසපුව වඩවා ගැනීමට අනුගමනය කළ රූපලාවන්‍ය ක්‍රමවේද අතර මී පැණි මුසුකළ එළු කිරෙන් ස්නානය කිරීම පෙරමුණ ගත් අතර අදටද ඊජිප්තු වනිතාවන්ගේ රූසපුව වඩවන රහස් අතර පළමු තැන හිමිවන්නේ මෙම ඉපැරණි සත්කාරයටයි. කිරිවල අඩංගු ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය සම ඇතුළතින්ම පෝෂණය කිරීමට සමත්ය. එසේම මඩ නෑමද ඔවුන්ගේ අපූරු රූපලාවන්‍ය සත්කාරයකි. ලොව හොඳම මඩ ඇති ස්ථානය ලෙස සැලකෙන ඛනිජ ලවණ බහුල නොගැඹුරු මළ මුහුදේ මඩ සිරුර පුරා තවරා ගන්නා ඊජිප්තු කාන්තාවන් ඉනික්බිති මළ මුහුදේ ලවණ බහුල ලුණු ජලයේ ගිලී සිටින්නේ රුව ලස්සන කර ගැනීමටයි.


























12 comments: