(උපුටා ගැනීමකි )
Tuesday, February 13, 2018
Sunday, January 28, 2018
දන්නා එළවලු පළතුරු 10ක් ගැන නොදන්නා දේවල් රැසක්..
1.කජු.
කජු කන්න කවුද අකමැති? අපි කතාවටත් කියන්නේ “කජු කන්නා වගේ ලේසි වැඩක්” කියලා. හැබැයි දිනපතා කන කජු අහුරකින් අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? කජු කියන්නේ මැග්නීසියම් බහුල කෑමක්. රුධිර නාල ඉහිල් කරලා, ඒවායින් රුධිර ගමනාගමනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට සකසන්න මැග්නීසියම් මූලද්‍රව්‍යට පුළුවන්. මේ හේතුව නිසා හෘද ස්පන්දනය සාමාන්‍ය විදියට පවත්වාගන්නත් එයා උදව් කරනවා.
2.සූදුරු.
"මාදුරුගේ මල්ලි තමයි සූදුරු"
පොඩි කාලේ අපේ වැඩිහිටියන්ගෙන් අහන්න ලැබුණු මේ කතාව, අපේ මතකයේ තැන්පත් වෙන්නේ ඒ දවස්වල අපි ආසාවෙන් කෑව හූණු බෙටිවල රසත් එක්කමයි. මොකද මේ හූණු බෙටිවල මැද තිබුණේ මාදුරු ඇටයක් නේ.
සූදුරු වල තියෙන ෆයිටොස්ටේරෝල් හරියට මිනිස්සුන්ගේ ඇඟේ තැන්පත් වෙන කොලෙස්ටරෝල් වගේ. එකම වෙනස වෙන්නේ ෆයිටොස්ටේරෝල් ශාකයක හැදීම, සහ කොලෙස්ටරෝල් වගේ ඇඟට අගුණ ජාතියක් නොවීමයි. ඒ වෙනුවට, ෆයිටොස්ටේරෝල්වලින්, අපේ ආහාර මාර්ගයේ තැනපත් වුණු හානිකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරනවා. ඒ නිසා ඇඟේ බර අඩු කිරීමේ හැකියාවක් සූදුරුවලට තියෙනවා.
තවත් දෙයක් තමයි මේ සූදුරුවල තියෙන ඉහල යකඩ සංචිතය. මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමක් වෙනවා.
3.මිදී.
නරියා මිදි තිත්තයි කිව්වට, මේවයේ රහ දන්න අපි නම් කීයටවත් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ. රස වගේ ම තමයි මිදිවල ගුණත්.
මොළය ඇතුළු මධ්‍ය ස්නායු පද්ධතිය හොඳ තත්ත්වයෙන් තියාගන්න, මිදිවල ඇති ඇන්තෝසයනින්වලින් ලොකු දායකත්වයක් සැපයෙනවා. වයසට යද්දී ගොඩක් වැඩිහිටියන්ගේ දකින්න ලැබෙන අමතක වීමේ ගතිය අඩු කරවන්නත් මිදිවලට පුළුවන්ලු. සති දොළහක් වගේ කාලයක් දම් පාට මිදිවලින් හදපු ජූස් බිව්වා නම් මේ අසනීපෙ තරමක් මඟ හරවාගන්න පුළුවන් බවයි විද්‍යාඥයෝ කියන්නේ.
4. පැණි කොමඩු.
ෂාහ්! බඩගින්නයි තිබහයි දෙකම යවාගන්න මරු පලතුරක්. කෑලි විදියට කන්න වගේ ම ජූස් කරලා බොන්නත් නියමයි මේක. අනික රස විතරක්යැ, ගුණ!
කොමඩුවල තියෙන දියරමය ගතිය නිසා, මේකෙන් මලබද්ධය ඇතිවීමේ ඉඩ අඩු වෙනවා. අපි ගන්න කෑමවලින් ඇඟට උරා නොගත්ත ඒවා ඇඟෙන් පිටකරන්නේ බහිස්ශ්‍රාවී පද්ධතියෙන් නේ. ඒ වැඩෙත් ලේසි කරන්න කොමඩුවලට පුළුවන්. මේ නිසා ම වකුගඩුවල කාර්යය යහපත් කිරීමකුත් මෙතැනදී සිද්ධවෙනවා. ඒ වගේ ම, වකුගඩුවල ඇතිවෙන ගල්වලටත් මේක විසඳුමක් බව ඔයාලා දැනගෙන හිටියද? කුඩු කරපු කොමඩු ඇට තේ හැන්දක්, උණු කරලා නිවපු වතුර පයින්ට් එකක් එක්ක එකතු කරලා දිනපතා වීදුරු තුනක් බොන්න; වකුගඩු අමාරු සේරම සනීප වෙයි.
5.ලෙමන්.
ඇඹුල් රසට තිබුණට මොකද, ලෙමන් කියන්නේ සෑහෙන්න ප්‍රයෝජන තොගයක් තියෙන පලතුරක්. ලෙමන්වල පෙක්ටින් කියන කෙඳි වර්ගය තියෙනවා. ඇඟේ මහත අඩු කරගන්න උදවියට පෙක්ටින් කෙඳිවලින් ලැබෙන්නේ ලොකු අනුබලයක්. මලබද්ධය ඇතිවීම අඩු කරලා, ආහාර ජීර්ණය වැඩි කරන්නත් ලෙමන් වතුරවලට පුළුවන්. ඒ වගේ ම පොටෑසියම් ඉහළ පලතුරක් නිසා, නිරෝගී ස්නායු පද්ධතියක හිමිකාරයෙක් වෙන්නත් ලෙමන් වතුර ඉඩ සළස්වනවා.
සාමාන්‍යයෙන් විෂබීජ කාරක බැක්ටීරියා වර්ග ඇඟට ඇතුළත් වුණා ම, හරි වේගයෙන් වැඩීමේ හැකියාවක් ඒවට තියෙනවා. අන්න ඒක වළක්වන්නත් ලෙමන් වතුරවලට පුළුවන්.
ඇඟේ තියෙන ලුණු ප්‍රතිශතයේ අසමානතාවයක් ඇතිවිය හැකි එක විදියක් තමයි ඔය ව්‍යායාම කරන වෙලාව. ඉතින් ඒක යථා තත්ත්වයට පත් කරන්න, ලෙමන් වතුර වීදුරුවක් බිව්වනම් හරි.
6.කෙසෙල්.
කෙසෙල් කියන්නේ දියවැඩියාව වැඩි කරන පලතුරක් විදියටයි ප්‍රසිද්ධ. මේකට හේතුව වෙන්නේ කෙසෙල්වල තියෙන ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයයි. ඉතින් කෙසෙල් ඉදෙන තරමට , මේවයේ තියෙන කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයත් වැඩිවෙනවා. අපේ ඇඟේ සීනි වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට තරම් ලේසි පෝෂ්‍ය පදාර්ථයක් වෙන නැති තරම්.
හැබැයි ඒකයි කියලා, කෙසෙල් නොකා ඉන්න හෝ අමු කෙසෙල් ගිලින්න යන්න එපා. හොඳ ම දේ තෝරා බේරාගෙන පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ වගේ ම බෙරිවෙන්න ඉදුණු කෙසෙල් කන්නත් එපා. ඉදීගෙන එන කහ, කොළ පාටවල් එකට මුසුවෙලා තියෙන කෙසෙල් කෑමට ගන්න. මොකද කෙසෙල්වල තියෙන කෙඳි, අපේ ගන්න ආහාර ජීර්ණය කරන්න සෑහෙන්න වැදගත්. කාබෝහයිඩ්‍රේට ජීර්ණය කරලා, අනවශ්‍ය කොටස ඇඟෙන් පිටකරන්න මේවට හැකියාව තියෙනවා.
7.ලූණු.
කපද්දී නම් තනි ඇහැට නෙවෙයි ඇස දෙකට ම ඇඩෙනවා. ඒ වුණාට ඇදුම අඩු කරන්න පුළුවන්කමක් ළූණුවලට තියෙනවා කියලා දැනගෙන හිටියටද? ඒ වගේ ම සමහර පිළිකා වර්ග ඇති නොවෙන්න වග බලාගන්නත් මේ ළූණුවලට පුළුවන්ලු.
දවස් පතා අනිත් කෑමත් එක්ක ළූණු ආහාරයට ගැනීමෙන් ස්වරාලයේ, ඩිම්බ කෝෂවල ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් මඟ හැරවීමේ හැකියාවක් තියෙනවා. අනික ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි රෝගවලින් බේරෙන්නත් මේවා මරු.
8.ගෝවා.
"අල වගේද ගෝවා"
කතාවට කියන්නේ මෙහෙම වුණත්, ගොඩක් අයට ගෝවා කියන්නේ ‘මෙලෝ රහක් නැති' එළවලුවක්. ගෝවාවල ලොකු සල්ෆර් සංචිතයක් තියෙනවා. ඒ නිසා ම අපේ ලේ පිරිසිදු කරන්නත් ගෝවාවලට පුළුවන්. ඒ වගේ ම විටමින් E බහුල එළවලු කීපයන් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හම ලස්සනට තියාගන්න සෑහෙන්න වැදගත් වෙනවා.
9.ලීක්ස්.

ටිකක් බැනුම් අහන එළවලුවක්. රසක් නැති බව තමයි ගොඩක්දෙනා කියන්නේ. හැබැයි කෑලි මිරිස් දාලා, තෙලෙන් බැදලා ගත්ත ම උණු සුදු බතක් එක්ක කන්න නියම කෑම. දැක්ක ම නම් හිතෙන්නේ වේලිච්ච ගතියට තියෙන කොළයක් වගේ. ඒ වුණාට මේකේ වතුර ප්‍රතිශතය සෑහෙන්න වැඩියි. ප්‍රතිජීවකයක් විදියටත් ක්‍රියාකරන බවයි කියවෙන්නේ.
10.බීට් රූට්.
බීට් ගහේ මුල නේ අපි බීට්රූට් කියලා කන්නේ. විටමින් ඒ, සී, අයඩීන්, මැන්ගනීස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍ය ජාතිවලින් පිරුණු බීට්රූට් ගොඩක් ගුණ ඇති කෑමක්. ඇඟේ තියෙන ලේ ඔක්සිජනීකරණය කරන්න, එහෙනම් නැත්තන් රුධිර සෛලවලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් මේවට තියෙනවා. බීට් ගහේ කෑලිත් කන්න පුළුවන් නම් තමයි වැඩියෙන් ම හොඳ. මේ කොළවල තියෙනවලුනේ හෙන ලොකු යකඩ සංචිතයක්.
Sunday, January 14, 2018
Thursday, January 11, 2018
ඔබේ හීනය සුන්දර නිරෝගී කෙස් කළඹක් නම් මේ වැරදි කවදාවත් කරන්න එපා...
බොහොමයක් දෙනා හිතන්නේ පිරිමි කැමති දිග කොණ්ඩයක්ති යෙන කාන්තාවන්ට කියල. නමුත් ඔවුන් නොදන්නා දෙයක් තමයි පිරිමි දිග කොණ්ඩයක් තියෙන කාන්තාවන්ට වඩා නිරෝගී ලස්සන කොණ්ඩයක් තියෙන කාන්තාවන්ට කැමති බව.
ඇත්තටම කොණ්ඩය දිග උනත් කොට උනත් එකේ වටිනාකම තියෙන්නේ ඔබ එය රැකබලා ගන්නා ආකාරය අනුවයි. බහුතරයක් කාන්තාවන් නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා තමන්ගේ කොණ්ඩයට හානි සිදු කර ගන්නවා .ඒ වගේම සමහර කාන්තාවන් ඕනවට වඩා කොණ්ඩයට සත්කාර කරන්න ගිහින් කොණ්ඩයට හානි සිදු කර ගන්නවා..
මේ තියෙන්නේ ඒ විදිහට කොන්ඩේ ලස්සන නැතිවෙන්න කාන්තාවන් අතින් සිදුවන වැරදි කිහිපයක්..

කාන්තාවන් කිසිම විදිහක සොයා බැලීමකින් තොරව වෙළදපොලේ තිබෙන ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගන්නවා.ඒ වගේම ඔවුන් ඉක්මනින් ඉක්මනින් මේ දේවල් මාරු කරනවා.සමහ කාන්තවන් හිතන්නේ shampoo , conditioner වැඩි ප්‍රමාණයක් වරකට භාවිත කරන විට කොණ්ඩය නිරෝගී වෙනවා කියල. නමුත් මේ හැම ක්‍රියාවකින්ම වෙන්නේ ඔබ නොහිතන විදිහට ඔබේ හිසකෙස් වලට හානි සිදුවීමයි.
2.වැරදි ක්‍රමයට හිසකෙස් පිරීම..
පියවරෙන් පියවරට කොණ්ඩය අග සිට මුලට පිරීම සිදු කල යුතුයි.ගැටගැසී ඇති කොණ්ඩය ලිහමින් තමයි මෙම කාර්යය කල යුත්තේ.එහෙම නැතුව පහසුව ගැන සිතා මුල සිට අගට ඉක්මනින් පිරීමෙන් සිදු වෙන්නේ කොණ්ඩය කැඩී හානිවිමයි.
3. නිතරම හිසකෙස් සේදීම..
මේ නිසා ඔබේ හිසකෙස් වල තිබෙන හිතකර දේවල් බොහොමයක් ඔබට
අහිමි වෙනවා. ඔබේ හිසකෙස් වල පැවතිය යුතු ස්වභාවික තෙල් ගතිය ඉවත්ව ගොස් හිසකෙස්
වියලි බාවයට පත් වෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හිසකෙස් සේදීය යුත්තේ සතියකට
දෙවතාවක් හෝ තුන් වතාවක් පමණයි.
බොහෝ කාන්තාවන් කොණ්ඩයට විලාසිතා කිරීම සදහා විවිධ උපකරණ
භාවිතා කරනවා. මේ උපකරණ බොහොමයක් රත් කිරීමෙන් අනතුරුව තමයි කොන්ඩ විලාසිතා සදහා
භාවිතා කරන්නේ. මේ විදිහේ උපකරණ නිතර නිතර භාවිතා කිරීම සහ වැරදි ලෙස භාවිතා කිරීම
නිසා කාන්තාවන්ගේ හිසකෙස් වලට හානි සිදුවෙනවා
5. උණුසුම් වතුරින් හිසකෙස් සේදීම..
කාන්තාවන් බහුතරයක් සීතල අවස්තාවන් වලදී උණු වතුරින්
නෑමට පුරුදුව සිටිනවා. නමුත් මේ නිසා ඔබේ හිසකෙස් වල ඇති ස්වභාවික තෙල් ගතිය ඉවත්
වී කොණ්ඩය වියළි භාවයට පත්ව ඉක්මනින් කැඩීයන තත්වයට පත් වෙනවා.
6. කොණ්ඩය ඉහලට කර තදින් ගැටගැසීම..
කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය විලාසිතාවක් තමයි ponytails කියන්නේ. නමුත් මේ විලාසිතාව අනවශ්‍ය ලෙස තද කර දැමීමෙන්
ඔබේ කොණ්ඩය කැඩෙන්න වගේම ගැලවී යන්නත් තියෙන ඉඩකඩ වැඩියි.
7. තෙත කොණ්ඩයට විලාසිතා කිරීම..
Sunday, January 7, 2018
ජෝ අබේවික්‍රමයන්ගේ යථාර්තවාදී රංගනයට පිවිසුම..

එය එසේ වුවත් වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ ඛේදනීය ඉරණම වන්නේ ජෝ අබේවික්‍රමයන් විසින් ලාංකීය සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කරත් වර්තමාන සිනමාලොලින් මොහු පිළිබද දක්වන ආකල්පය ලැදියාව හා ඔහුගේ රංගනය පිළිබද දර්ශනය ඉතාමත් අඩුය.නමුත් මොහුගේ සමකාලීනයන් වන විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා යන රංගන ශිල්පින් කෙරෙහි දක්වන ආකල්පය ඉමහත්ය. එය මෙවන් වූ ප්‍රතිභාපුර්ණ රංගදරයින්ට සිදු වූ අභාග්‍යක් සේ මා හට හැගේ..
Saturday, January 6, 2018
ප්‍රේමය යනු එක් නොවුවන්ගේ හදගැස්මයි...
එක් වුවෝ පසුකලෙක
උනුන් රිදවාගනිති...
බිදෙති...වෙන්වෙති...
එක් නොවූවෝ සදාකල්හිම විදවති...
එහෙත් කිසිකලෙක
නොබිදෙති...වෙන්නොවෙති...
බැඳුණු අතගිලි වලට වඩා
බැඳුණු සිතුවිලි ප්‍රේමාන්විත බව
ලෝකයට කියන්නට
ඔවුහු උත්සුක නොවෙති...
ඒ ප්‍රේමය ඔවුන් මරණය තෙක්ම රකිති...
මරණින් මතුවද ඒ ප්‍රේමයම පතති...
එක් වුවෝ ළයගින්නෙන් යහන්ගත වෙති...
එක්නොවූවෝ හද සයනේ යෙහෙන් වැජඹෙති...
ප්‍රේමය යනු..
එක් වුවන්ගේ
රජ දැක්ම නොවේ...
ප්‍රේමය යනු..
එක් නොවූවන්ගේ
හද ගැස්මයි...
සිත්තම් අහසින් ඔබේ ජිවිතයට අද සිට පෙලගැසෙන කලා ලොවේ අස්වැන්න
හෙළයේ මහා රංගදරයකු වූ ජෝ අබේවික්‍රමයන්ගේ සැබෑ රංගනයෙන් ප්‍රකාශිත යථාර්තවාදී රංගන කුසලතාවය සිත්තම් අහසහි රසික ඔබට අද සිට පෙළගැසෙන වගයි...
Friday, January 5, 2018
සෞඛ්‍ය සම්පන්න මහලු දිවියකට තරුණ වියේදීම අඩිතාලම දමමු...

ඔය කොච්චර ෆාස්ට් ෆුඩ්, ෂෝට් ඊට්ස් තිබුණත්, ලංකාවේ අපේ ගොඩක් අයට තුන්වේල ගෙදරින් කෑවොත් මිසක් බඩ පිරෙන්නේ නැහැ. මේ
කෑම වේල් ගොඩක් හැදෙන්නේ එදිනෙදා සිල්ලර කඩෙන්, පොළෙන්, සුපර් මාකට් එකෙන් ගන්න ලැබෙන එළවලු පළතුරු වලින්ම තමයි.
අපි මේවා කෑවේ, කන්නේ බඩගින්න නිවාගැනීමේ පරම බලාපොරොත්තුවෙන් බව හැබෑව. ඒත් අපි පොඩි
කාලෙදී අපේ අම්මලා හඳ මාමා ව පෙන්න පෙන්න බත් කැව්වේ, ඒ එළවලු, පලතුරුවල තියෙන නා නා ප්‍රකාර ගුණ දේවල් නිසාමයි. ඒ හින්ද ම තමයි අපි මේ
විදියට හයිය හත්තිය ඇතුව, අඩුවක් පාඩුවක් නැතුව කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ. සෞඛ්‍ය සම්පන්න මහලු දිවියක් ගත කිරීමට නම් තරුණ
වියේදීම අපි ඒ ගැන සිතන්න ඕනි.
අපේ රටේ වැඩිහිටියන් මුහුණදෙන රෝග බොහොමයකටම හේතුව තරුණ වියේදීම මුහුණ දුන්
තත්වයන්. මේ නිසා වැඩිහිටි දිවිය නීරස, අනුන් මත යැපෙන ජීවිතයක් බවට පත්වෙනවා.
මේ තත්වයට පත්වීම වලක්වා ගැනීමටනම් තරුණ වියේදීම මේ සඳහා සූදානම් විය යුතු
වෙනවා. තරුණ වියේදීම යහපත් පුරුදු පවත්වා ගැනීම මගින් ඔබටත් කඩිසර, ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි දිවියක් සඳහා
මග පාදා ගත හැකියි. මෙන්න ඒ මඟ...
1.යහපත් ආහාර රටාවකට යොමු වන්න....
- නැවුම් එළවළු පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
- කෘථිම ආහාර, රසකාරක, වර්ණකාරක භාවිතය අවම කරන්න.
- සීනි,තෙල්, පිෂ්ඨමය ආහාර අඩුවෙන් ගන්න.
- පලා වර්ගයක් දිනපතා අහාරයට එක් කරගන්න.
- කුඩා මාලු වර්ගයක් කෑමට ගන්න.
2.ක්‍රියාශීලී දිවියක් ගත කරන්න.
3.ක්‍රීඩාවට යොමු වන්න.
4.T.V.එක ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න.
5.කඩිසර දිවියක් ගත කරන්න.
6.දුම් බීමෙන් මත් පැනින් සම්පුර්ණයෙන්ම ඈත් වන්න.
7.යහපත් මාන්සික සුවයක් පවත්වා ගන්න.
8.පරිත්‍යාගශීලී වන්න.
9.සිනාමුසුව කාලය ගතකරන්න.
10.හොඳ විනෝදාංශයකට යොමුවන්න (පොත් කියවීම, ලිවීම, ඡායාරූපකරණය ආදී...)
11.කේන්ති නොගෙන සිටීමට උත්සාහ ගන්න.
12.සමාජශීලි වන්න.
13.පවුලේ අය සහ මිතුරන් අතර කාලය ගත කිරීමට වේලාවක් වෙන් කර ගන්න.
14.ආගමික කටයුතු සඳහා වේලාව වෙන් කරගන්න.
අලුත් දෙයක් ඉගෙන ගන්න.මේ මඟින් ඔබගේ මොලය උද්දීපනය
කරනු ඇත.
Subscribe to:
Posts (Atom)